පස්වග මහණුන් රහත් වූ ධර්ම සාරය හා මිථ්‍යා මත පස්වග මහණුන් රහත් වූ ධර්ම සාරය හා මිථ්‍යා මත

පස්වග මහණුන් රහත් වූ ධර්ම සාරය හා මිථ්‍යා ම‪ත‬

Publisher Description

චතුරාර්ය සත්‍ය අවබෝධය සහ අර්‍ය්අශ්ඨාංගික මාර්ගයේ වර්ධනය දුක නැතිකිරීමට යෝග්‍ය ක්‍රමවේදයක් ලෙස තාර්කිකව අවබෝධකර ගැනීමට හැකිවුවත් පස්වග මහණුන්ට රහත් භාවයට මුලිකවම කේන්ද්‍රිය වු අනත්ත සංකල්ප අවබෝධය, කෙනෙකු රහත් භාවය අත්පත්කරගැනීමට කෙසේ සම්බන්ධ වනවාද යන ප්‍රශ්නය නිසැකවම බුදුන් සමයේ සිට පැවත එන විමසුමකි. අනත්ත සංකල්පය හුදෙක් පුනරුත්පත්ති සංකල්පයට පටහැනි වුවත් නැවත ඉපදීම, කර්මය, දිව්‍ය ලෝක, අපාය වැනි බුදුන් සමයේ තිබූ පොදු විශ්වාස බුද්ධ දේශනා තුලින් ධර්මයට අන්තර්ගත වීම තීක්‍ෂණිකව සිතාබැලිය යුතු කරුණක් ලෙස මට සිතේ. බෞද්ධ දර්ශනයටම පමනක් අනන්‍ය වු අනත්ත සංකල්පය ගැන මා විවිධාකාරව ප්‍රකාශ කර ඇති පැහැදිලි කිරීම් එම සංකල්පය ගැන ඔබේ අවබෝධය ප්‍රගුණ කර ගැනීමට නිසැකවම රුකුලක් වනවා යැයි මා සිතමි .

මෙම කෘතිය, ඉහත සදහන් ධර්ම සාරය වටා කරන තාර්කික ගවේෂණයකට අමතරව බෞද්ධ දේශනා වල දක්නට ඇති විවිධ සත්‍යමය මෙන්ම මිත්‍යාමය කරුණු ගැන කෙරෙන විශ්ලේෂණයක් ලෙස හැදින්විය හැක. මෙම තාර්කික ගවේෂණයට සහ විශ්ලෙෂණයට අඩංගු කල කරුණු මනාව වටහා ගැනීමට සහ ගැඹුරින් සිතාබැලීමට යෝග්‍ය වනසේ පලකර ඇත. බෞද්ධ සාහිත්‍යයේ ඇති විවිධාකාර යථාර්තයන් නොවන ලාමක අදහස් සහ නොයෙකුත් මිථ්‍යා මත ධර්මයට අන්තර්ගතවීමට තුඩුදුන් කරුණු සම්බන්ධව දක්වා ඇති සාධක සහ හින්දු ධර්ම සංකල්පවලින් බෞද්ධ ධර්මයට ඇතිකර ඇති බලපෑම් පහදාදීමත් තාර්කික සහ විවෘත චිනතනයට නැඹුරු පාඨකයින් අගය කරනවා ඇතැයි මා සිතමි.

GENRE
Religion & Spirituality
RELEASED
2022
March 22
LANGUAGE
SI
Sinhalese
LENGTH
75
Pages
PUBLISHER
Shelton Ranasinghe
SELLER
Draft2Digital, LLC
SIZE
984.8
KB
Are We Being Fooled by Our Brains? Are We Being Fooled by Our Brains?
2013
Buddha Impetus to Primitive Psyche Buddha Impetus to Primitive Psyche
2010
Thinking Explored Thinking Explored
2015
Our Extraterrestrial Neighbors Our Extraterrestrial Neighbors
2014
Self - A Delusion? Self - A Delusion?
2012
Our Psyche and Beliefs Our Psyche and Beliefs
2016